පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුබ ඇවිත් හිත ළගට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්....


දකින හිමිවන හීනේ නුබ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
හඩන හිනැහෙන නෙත් නුබේ උරහිසේ තිබුණා
ඇත්තමයි නුබ අහසක් වගේමයි සිතුණා....


නුහුරු නුපුරුදු හීන අරන්
ළගට ඇවිදින් තුරුලු වෙමින්
ආවාට නොකියාම  ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.....


මිරිගුවක හිත තියලා නුබ දුරක ඇදුනා
රංචු ගැනෙනා රෑනේ තනිකමක් දැනුනා
ඇගිල්ලක දු‍ටු හීනෙන් හිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් ‍රැදුනා
පෙනෙන නොපෙනෙන.........


 
Next
Newer Post
Previous
This is the last post.

0 comments:

Post a Comment

 
Top