ගුරු සිත රිදවා ඇතිනම් මා ඔබෙ
සමාදෙන්න යලි නො එන නිසා..
රිදවූවත් සිත නැහැ ගෙවෙනූ පව
අයදින තුරු මෙලෙසින්ම සමා..
පාසල වෙත මා පැමිණිය මුල් දා
හිනැහෙනවා මතකයට වෙලා..
දිවිමගේ හමුවේවිදෝ
ආයෙමත් මගෙ මිතුරනේ..
රණ්ඩු වී සෙල්ලම් කෙරූ
ඒ කාලේ නම් මෙලෙසින් නිමයි..


භවයක් පාසා එලෙසින් හමුවී
වෙන්වෙනවා ඇති මෙදා වගේ..
නෙත්සිත් පෑදු ගුරු උතුමන්
නමදිමු මෙලෙසින් දෙදනින්ම වැටී..

ඔබෙ දරුවන් සේ දඟ පෑ පෙරදින
යලි කවදා නම් එයිදෝ...
නුඹ ඉතින් මගෙ මව් ලෙසින්
නොරැඳුනෙ කොයි වෙලේ...
පිය සෙනෙහෙ නැතුවත් මුවෙ
දැණුනා ඉතින් පෙර මතකයෙන්..

ඉනු කියා-හැම වාරේ
හිත පවා කියනා දේ..
දිනෙක ආයෙ කොහොමින් හමුවේවි
නමුදු මේ කිසිවක් නො ඒවි..
පාළු නොවී මෙදිනේ පටන්
ගුරු සිත් සතුටින්ම දිලේවා..

එක්වරක් තව එක් වරක්
රැඳේමුදෝ පාසලේ,
මිතුරනේ මගෙ මිතුරනේ
සමුගනිමුදෝ මෙලෙසින් නෙතින්..

නොහඬන් සිතින් කීවත් ඉතින්
මතුදිනේ අපි කොහේ..
යලි දිනේ හමුවී අපි
හිනැහෙමු ඉතින් හඳුනන ලෙසින්.. 



0 comments:

Post a Comment

 
Top