සිහින සිත්තරාවී ඇස් බිම බලා සිනාසී
සබකෝලකම් කරාවී හිත ආදරෙන් පිරේවී
මට නුහුරු ඉගි කරාවී උන්මාදකම් ගෙනේවී
රතු කම්මුලත් ශ්‍රියාවී සිප ගන්නමයි හිතේවී
සිහින සිත්තරාවී ඇස් බිම බලා සිනාසී
සබකෝලකම් කරාවී හිත ආදරෙන් පිරේවී


මද සිහිලසක් වගේ මා නිවාලමින් සැනසුමක් ගෙනේවී
මුලු ජීවිතේ පුරා අරමුණක් තියා හීනයක් තනාවී
මුදු සීත නිල් දියට තබර මල වගේ ලෙන්ගතුයි කියාවී
ඔබ දීපු ආදරේ මහ මෙරක් තරම් මගේ හිතේ දරාවී
ආදරේ දැනේවී


සිහින සිත්තරාවී.............


සද පාන පීරමින් පිපෙන කුමුදු මල් නුබ වෙතැයි සුගන්දේ
තරු අහස අම්බරේ මවන රූ රටානුබ නිසයි සිනාසී
දුර දුවපු හිත අරන් ලගට ලං කරන් ආදරෙන් තවාවී
මට නුබ තරම් තවත් නෑ සිතුම් පෙලක් හදවතේ ගෙනේවී
ආදරේ දැනේවී


සිහින සිත්තරාවී...............



0 comments:

Post a Comment

 
Top