සිත හඩයි මා තනිවී
මා දවාලයි මේ සොකේ
ආදරයෙන් මා ලැබුවේ
කදුල පමනද මේ ලෝකේ...


ඔබගේ සුරත ගෙන සයුරු තෙරේ ඉද
දිනක සීත සැන්දෑවේ
හැඩුව අයුරු මට අදුරු සිතුවමකි
තාම ‍රැදුනු මා දෑසේ... සිහිනයක්ව මායාවේ
ඇයිද මා මුලාවී
තනිකරේ වියෝගේ
සැමදා මා ප්‍රියේ මා ඔබට ආදරෙයි...ඔබට ආදරෙයි...


ඉන්න බෑ ලංව ඉතින්
සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ රත්තරන්
දිවිය අරබේ අදුරු කරේ...දිවිය අරබේ අදුරු කරේ...


ඔබගේ සුවද මට තවම දැනෙනවා
පාලු සීත රෑ යාමේ
ඈත කොහෙද ඔබ දෑසේ දසුන හැර
සිහිනයක්ව වෙන් වූයේ ආදරේට පි‍ටු පෑවේ
සදට අහස වගේ
මලට සුවද වගේ
සැමදා මා ප්‍රියේ මා ඔබට ආදරෙයි...ඔබට ආදරෙයි...



0 comments:

Post a Comment

 
Top