මේ හිත තනියෙන්
නුබ එනකන් හිටිය තරම්
නෑ මං දන්නා
වෙන කවුරුත් නුබව තරම්
ආදරයෙන් එදා ඉදන්


කදුලක් ළග නැවතුන ඇහිපිය
දුරකට යවමින්
හුස්මත් මට අමතක කරවන
මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන්
ජීවිතේ අලුතෙන් ලියන තරම්


වරුවක් ළග මුමුණන ඔය හිත
මගෙමද හිතමින්
තනියක් නැති දවසක් එනකන්
තව මග බලමින්
ආයේ හීනේ මැද්දෙන්
ආදරේ අමුණා තියෙන තරම්



0 comments:

Post a Comment

 
Top