පරිස්සමට තියා ගන්න හිත මට දීලා
හදිස්සියට සෙනෙහස නුබ දුර අරන් ගියා
කදුලු බිංදු එකතු කරමි ඇස් දෙකට හොරා
සුසුම් පියෙන මොහොතෙදි ලග ඉන්නයි ඕනා


කදුලු එවී හිත හැහේවි නුබ මතක් වෙලා
දුරක යාවී ලග ඉදීවී මතක තනිවෙලා
රන්ඩු වලත් අප දු‍ටුවේ ආදරය තමා
එනතුරු මග බලන් ඉන්නේ හීන මව මවා


පුංචි හිනාවම මගේ ජීවිතයට උනා
අපි දෙන්නට දෙන්නා උන්නේ පණ වගේ එදා
හිතේ හිර කරන් මෙතුවක් කල් නුබ තැවුනා
ඉඩෝරයට අහස හරිම ආදරේ කලා



0 comments:

Post a Comment

 
Top