දැනෙන දුක් වේදනා හිත අස්සේ හිර කරන්
සැනසුමත් නැතිවෙලා ඔබ හින්දා රත්තරන්
ඔබ මගෙන් වෙන් වෙලා අද දුරට වී ගිහින්
මං හඩන හැටි දැක්කොතින් ඔබ හඩයි සත්තකින්............


මං තරම් පෙම් කරපු වෙන කෙනෙක් නැති තරම්
දන්නවා නම් ඔයා හෝ වෙන් වෙන්නේ නෑ මගෙන්
හිත හොයන උනුහුමක් නැතිවෙලා අද ඉතින්
ආදරේ තරම් මා දන්නේ නෑ සත්තකින්.............


දැනෙන දුක් වේදනා..............//


ජීවිතේ මම කියූ හැටි ලග ඉදන්
සිහිවෙලා හඩනවා තුන්යමේ නිදිවරන්
මට පුරුදු තනිකමින් මම යලිත් තනිවෙමින්
එනතුරා ඔබ ඉතින් බලන් ඉමි රත්තරන්.................


දැනෙන දුක් වේදනා.............//



0 comments:

Post a Comment

 
Top