කවුරුන්ද කවුලුව වැහුවේ මට දුන්නු ආදරේ...
මං කොහොම තනිමව් යන්නේ මේ නුහුරු මාවතේ...
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ
නවතින්න අවසරයි ප්‍රේමයෙන්


නාඩන්න මගෙ පන කියලා නුබ ගියා මං දමා
හැරයන්න හේතුත් කියලා මට කෙරූ චෝදනා
නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා
මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා


මතකයද මේ දුක් දෙන්නේ අපි කෙරූ ආදරේ
අමතකද මා ලග උන්නා තනිකමින් උන් දිනේ
ඇස් වැහෙන මොහොතක් පාසා නුබ ඉන්නවා හිතේ
යලි එන්න හැකිනම් ඉකමනින්


නුබෙ සුවද විලවුන් තවරා සයනයේ ගුලි වෙලා
පැරණි මතකය මා ඉල්ලා යලි එන්නේ නැති නිසා
යලි එන්නේ නැතිදෝ මා සොයා
හැකි මට ඉන්න පෙර සේ වසලා...






0 comments:

Post a Comment

 
Top