හඩවන්නට මේ තරම්
නෙත රිදවලා
මා හැරගිය දා ඉදන්
සිත තනි කරලා
කවදාවත්ම මා.... රිදවා නෑ ඔයා


කදුලුවලට නිදහස ලැබිලා
රිදෙන රිදෙන තරමට හඩලා
නොලැබෙන ඔබ අමතක කරලා
තාමත් නෑ මේ හිත හැදිලා
පෙරුම් පුරන මගෙ දුක දැකලා
ආයෙත් එනවා නම් ඔබ යලි එනවානම්


ගනින ගනින තරු කැට නිවිලා
ඇහෙන දැනෙන රළ මැකිලා
මා තනිකර ගියදා ඉදලා
මගෙ හිත මටවත් නැති කරලා
පෙරුම් පුරන මේ හිත දැකලා
ආයෙත් එනවා නම් ඔබ යලි එනවානම්



0 comments:

Post a Comment

 
Top