හිමි උනු ඔබ මට අහිමි වෙලා
කොහොමද වාවා ගන්නේ මා
ආදරේ... පෑ ආදරේ....
නිදි නැති ‍රැය ඔබ ගැනම සිතා
මතකය පාරා කදුලු සලා
ජීවිතේ....මේ ජීවිතේ....
සිතුවේ නෑ පැහැසර සිනා කුරිරු වී හැරයයි කියා.....


සිහින නෙලා පැළදුව දා මල් මාල හිත් මානයේ
සිහිවෙනවා උමතු සිනා නිල් පාට නෙත් මායිමේ
ලං උනේ වෙන් වෙන්න නම් පෙම් කලේ තුරුලේ ඉදන්
ඇයි ඔයා මට මේ තරම් ....


පෙම බිද දා හැරගිය දා දුක දැනුනේ නැතිදෝ මගේ
කදුලු හොරා වැටෙන තුරා පි‍ටුපෑවේ ඇයි ජීවිතේ...
ලං උනේ වෙන්  වෙන්න නම් පෙම් කලේ තුරුලේ ඉදන්
ඇයි ඔයා මට මේ තරම්......




0 comments:

Post a Comment

 
Top