අවන්හලේදී මා ඈ දු‍ටුවේ
පුදුමයි මෙහේ කොහේද ඈ
ගමේදි අගේ කරපු රූපේ
නගරෙදි දැක්කේ අදමයි ඈ
ගමේදි කතා දමන්නට බෑ
ආයෙත් මේ වාරේ එන්නේ නෑ
නදීකා // - ගමේම ලස්සන කෙල්ලයි ඈ //


අද නම් අහනවමයි මං ඈගෙන්
ඔයා මට ආදරේද කියලා
වාත්තු කෙරුවා වාගේ රූපේ
හිතේ - ඉඩක් තිබේද වෙන්කරලා
අවන්හලේ වෙන කවුරුත් නෑ
ආයෙත් මේ වාරේ එන්නේ නෑ
නදීකා // - ගමේම ලස්සන කෙල්ලයි ඈ


හො‍රැහින් හොදහැටි වටපිට බලලා
ඕන එකක් උනාදෙන් කියලා
ටිකෙන් ටික ඈට ලං කෙරුවා
හෙමින් හෙමින් මම ළං කෙරුවා
වෙන කව්දෝ ඈ වෙත ගමන් කළා
කව්දෝ මේ පාත්වුනු හෙනහුරා
නදීකා // - ගමේම ලස්සන කෙල්ලයි ඈ //



0 comments:

Post a Comment

 
Top