කොහේ හෝ නුබ නතර වේ
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැතේ
නුබ මගේ නොවුනට කම් නැතේ


උන්න දා අපි අපේ වී නුබ 
දුන්න සෙනෙහස අරුමැති 
ලෝභ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැත


නුබ ළගත් මතකය ඇති
නමුදු අපි වෙන් වී ඇත
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇතී


0 comments:

Post a Comment

 
Top