හීන ගහන නුහුරු ‍රැයට අදුර ළංවෙලා
දැනෙන හැගෙන හැම හැගුමක කදුලු ඉපදිලා
හෙමින් හෙමින් ලියූ කවියක අරුත ගිලිහිලා
සොදුරු මිහිරි නුහුරු බවේ ඔබ නොසිරවෙලා


සදක මහිම මෙහෙම නොවේ
සිහින නොදෙනු ඇයි
දැවෙන නෙත් තෙමා සොමි ගුණ සදනු නොහැකි ඇයි
පෙමක මහිම මෙහෙම නොවේ
ඇසුර නොදෙනු ඇයි
සොදුර පෙම මුලා මා සිත නිවනු නොහැකි ඇයි


ළදක මහිම මෙහෙම නොවේ
සියුම් නොවෙනු ඇයි
පිපෙන මල් දිහා සොදුරුව බලනු නොහැකි ඇයි
මහද මහිම ඔහොම නොවේ හැදින නොගනු ඇයි
කදුලු වැහි යවා මා වෙත පිපෙනු නොහැකි ඇයි




0 comments:

Post a Comment

 
Top