හිත රිදුන තරම්
හිත හැඩුව තරම්
මා හඩන ඇසින්
නුබ සෙවූ තරම්
මුලු ලොවට හොරෙන්
පෙම් කෙරූ තරම්
නුබ නොදැන ඉතින්
හැර ගියා මෙමං


ආදරෙන් එකී ඇබින්දක් ගෙන මගේ හිතේ තියලා
සෙනෙහසේ සුව ඉතින් මේ යැයි ළග ඉදන් කියලා
දුන්නු සෙනෙහේ මටත් රහසේ යළි අරන් පෙරදා
පිදුවෙ කොහොමද තවත් කෙනෙකුට පළමු පෙම කියලා


ආදරෙන් දුන් රිදුම් මතුවෙයි එකින් එක මැවිලා
නුබ කියූ පෙම් වදන් නෑසෙයි අඩයි හිත රිදිලා
ඔහුගේ සෙනෙහේ මහමෙරක් සේ මුලු හදින් උහුලා
සිනාසෙන්නේ කෙලෙස කිව මැන මගේ දුක දැකලා



0 comments:

Post a Comment

 
Top