ඉවසයිද මන්දා මා දුන් රිදුම්...
වෙන්වීලා ආ දා වෙනතක් බලන්...
උන්නාට මා රහසේ තුරුලක හෙමින්...
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...


තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්.....
තව කදුලු නෑනේ දෙනෙතේ ඉතින්...
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
මට මාද නැතිඋනා සත්තයි හෙමින්...


ගොලුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ...
දරාගන්න බෑනේ මතකේ විලාසේ...
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්...
‍රැකගන්න බැරි උනේ සංසාර ආදරේ...


ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
මට මාද නැති උනා සත්තයි හෙමින්...


මේ පාලු දුක් සිහිනේ අතර මංවෙලා මොහොතේ...
අයේ ගන්න බෑ සෙනෙහස ඔබේ...
ජීවීතය වැ‍ටුනු තරම් නැගිටගන්න බෑ ආයේ...
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ...


උන්නාට මා රහසේ තුරුලක හෙමින්...
මට ඉන්න බෑ මතකෙට හොරෙන්...




0 comments:

Post a Comment

 
Top